Iranga Amith:
'via Blog this'
Wednesday, November 23, 2011
Thursday, October 20, 2011
Wednesday, September 28, 2011
රෝස මලක කටු ඇනුණා..,
හද පතුලෙන් ලේ ගැලුවා ..,
මල් පෙති මත ලේ හැලුනා..,
මල රතු පාටින් දිලුනා..,
රෝස මලට නෑ දැනුනේ..,
මලේ සිනා රැව් නැගුනේ...
රෝස මලක කටු ඇනුණා - නෙතගින් කඳුලක් වැටුනා...
මල් පෙති මත එය රැඳුනා - පිනි බිඳුවක් වී දිලුනා...
රෝස මලට නෑ රිදුනේ..,
මලේ සිනා රැව් නැගුනේ...
හිරු අවරට ගොස් ගිලුනා - රෝස මලේ පෙති හැලුනා...
හදවත ඉකිබිඳ හැඬුවා - මල මත පරවී වැටුනා...
රෝස මලට නෑ දැනුනේ..,
හදවත පෙම් කල අරුමේ...
එඩ්වඩ් ජයකොඩි
Tuesday, September 20, 2011
ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ,
ජීවන විජිතයේ ආදර දෙවඟන හිනහෙන්නේ..
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ,
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ..
Sunday, September 18, 2011
ඔබ කොහෙද..??
මා දෙනෙත අඩ අඳුරේ සඟවා තියා,
ජගත් වික්‍රමසිංහ
සඳවතිය පාවී ගියා...
පිළිගන්න ගන්න පුලුවන්ද සඳ දෙව් දුවක්,
මේ හැටිම නපුරුයි කියා...
මා උන්නේ දොර කවුළු හැරද තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා,
මුළු රෑම ගෙවිල ගියා...
Saturday, September 17, 2011
ආදරේ මොනවගේද...
මට මගේ හිත අකීකරු බව, දන්නවා ඔබ මට වඩා..
ආදරේ මම කරපු තරමට, සිත මගේ අසරණ වෙලා..
ඔබේ ඔය සුදු පුංචි මුහුණට, ආදරෙයි මම මට වඩා..
එත් මේ බව දැන දැනත් ඔබ.. ඉන්නවා නිහඬව බලා..
නපුරු කම ලස්සනයි ඔබ හට, නැතත් සතුටක් මට එයින්..
ඔබෙන් නොලැබෙන පුංචි වදනක්, ඇහෙනවා මට සිහිනයෙන්..
සඳෙන් නොලැබෙන ප්‍රේමයෙන් ඉර, දුකින් හැඬුවත් තනි කමින්..
ඉරෙන් එළියක් දෙනවා සැමදා, සඳ එපා කියුවත් ඉතින්..
Wednesday, September 14, 2011
Subscribe to:
Posts (Atom)




