Wednesday, September 28, 2011

රෝස මලක කටු ඇනුණා..,
හද පතුලෙන් ලේ ගැලුවා ..,
මල් පෙති මත ලේ හැලුනා..,
මල රතු පාටින් දිලුනා..,
රෝස මලට නෑ දැනුනේ..,
මලේ සිනා රැව් නැගුනේ...

රෝස මලක කටු ඇනුණා - නෙතගින් කඳුලක් වැටුනා...
මල් පෙති මත එය රැඳුනා - පිනි බිඳුවක් වී දිලුනා...
රෝස මලට නෑ රිදුනේ..,
මලේ සිනා රැව් නැගුනේ...

හිරු අවරට ගොස් ගිලුනා - රෝස මලේ පෙති හැලුනා...
හදවත ඉකිබිඳ හැඬුවා - මල මත පරවී වැටුනා...
රෝස මලට නෑ දැනුනේ..,
හදවත පෙම් කල අරුමේ...

         එඩ්වඩ් ජයකොඩි 

No comments:

Post a Comment