Saturday, September 17, 2011

ආදරේ මොනවගේද...

මට මගේ හිත අකීකරු බව, දන්නවා ඔබ මට වඩා..
ආදරේ මම කරපු තරමට, සිත මගේ අසරණ වෙලා..
ඔබේ ඔය සුදු පුංචි මුහුණට, ආදරෙයි මම මට වඩා..
එත් මේ බව දැන දැනත් ඔබ.. ඉන්නවා නිහඬව බලා..

නපුරු කම ලස්සනයි ඔබ හට, නැතත් සතුටක් මට එයින්..
ඔබෙන් නොලැබෙන පුංචි වදනක්, ඇහෙනවා මට සිහිනයෙන්..
සඳෙන් නොලැබෙන ප්‍රේමයෙන් ඉර, දුකින් හැඬුවත් තනි කමින්..
ඉරෙන් එළියක් දෙනවා සැමදා, සඳ එපා කියුවත් ඉතින්..

2 comments: